Monday, 29 July 2019


ඔන්ලයින් ප්‍රේමය


අකුරු හතරක් වචනයක් වී හදවතේ ගැඹුරැම තැන ස්පර්ශ වී නම් එය "ආදරය"යි. ලොකු , කුඩා , බාල , මහලු කොයි කාගේත් පුද්ගල සන්තානගත චෛතසිකයන් තුළ මුකුලිත වන ප්‍රේමය හරි පුදුමාකාරය. එය හරි සුන්දරය . ආදරයකට පුද්ගලයෙකු ජීවත් කරවීමටත් ඔහුව මිය යෑමටත් අමුතු අද්විතීය බලයක් ඇත.
මෙවන් වූ ආදරය වර්තමාන පෙම්වතුන් හැඳින සිටින්නේ ද යන්න මා හට පැනයකි. ගෝලීයකරණය හා බැදි වාණිජමය ලෝකයක මුදල් පසුපස හඹා යමින් වර්තමාන මිනිසා "ප්‍රේමය " සොයයි. එහෙත් ඔහුට සැබෑ ප්‍රේමය හමුවේද? ඔහු හති වැටෙනවා මිසක ඔහුට හිමිවන යමක් ඇතිද?
අතීතයේ පෙම්වතුන් ආදරය කළ අයුරු හරිම සුන්දරය. සඳ පායා එන ගොම්මන් වේලාවට සුවඳ කොළ ගෙන , ඈත අහස දෙස බලමින් , තෙලිතුඩින් තම සුපෙම්වතියට නිදහසේ සිතට ගලා එන දේ ලීවේය. නැතිනම් කවියට නැගුවේය. එය පසුදා උදෑසන පොත් පිටු අතර සඟවාගෙන ගොස් සුපෙම්වතාට , සුපෙම්වතියට දෙන ලදී. මෙය හොර රහසේ සිදු වුවද හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කළ ආදරය විය.
නමුදු අද වන විට පෙම් කවි කුරුල්ලන් එෆ්.බී. කුරුල්ලන් බවට පත් වී ඇත. සැදෑ කළුවර දෙස බලමින් කවි මුමුණන , ලියවෙන වෙනුවට සිංග්ලීෂ් වර්ඩ් වලින් එස්.එම්.එස්. රජ කරයි. මේ අරුමය කිමෙක්ද?
දම්මි - සුගත්ගේ , දෙවෙන්දොරා - නොරිකා සංගේ ආදරය අද වියැකී ගොස්ය. ඒ වෙනුවට
" ඩේටා වලින් හුස්ම ගන්න
   බැටරියෙන් හදවත ගැහෙන
   සයිබර් ලෝකෙක
   දහසක් වුන් පිරිවරා
    තනිවුව ජීවිත අතර
   ඔන්ලයින් ප්‍රේමය රජ වී ඇත."


 ඉස්සර සිතින් සිත යාවුණු ඒ ආදරය , ප්‍රේම වෘත්තාන්ත අද "ඔන්ලයින් ප්‍රේමය " වී අවසන , කාමරයක සුණු විසුණු වී යයි. අප පැතූ අප සෙවූ සැබෑ ආදරය මෙය වේ ද?  ගතින් නොබැදුණ ද සිතින් බැදුන ආදරය සැබෑ ප්‍රේමය නොවේ ද? එසේ වී නම් හපොයි! අද රටට වී ඇති හදිය කුමක් ද?
" හායි ස්වීට් හවු ආ යූ " යන පොෂ් වචන , පොර ටෝකින් සහ සයිෆයි ලුක් එක එස්.එම්.එස්.එහෙන් මෙහෙටත් මෙහෙන් එහෙටත් ක්ෂණිකව හුවමාරු වේ. පෙම්වතා පෙම්වතිය කාගේ කවුරු වුවද , ඔවුන් නොදැකපු අය වුවද කම් නැත. ඔවුනොවුන් ඔන්ලයින් ඔවුනොවුන්ගේ ලයිෆ් එකම වී හමාරය. ප්‍රේමය අන්ධ වී පෙම්වතා හෝ පෙම්වතිය සමඟ මාලය උකසට තබා ජීවිතය බෙදා ගන්නට තරම් වර්තමාන ප්‍රේම කුරුල්ලන් අසරණ වී ද , මෝඩ වී ද, නැතිනම් උන්මන්තකයින් වේ ද, යන්න සිතීම බැරෑරුම් ප්‍රශ්නයකි. මෙවැනි කරුණු කාරණා අපට නිරන්තරයෙන් ජන මාධ්‍ය හා සමාජ මාධය හරහා අසන්නට දකින්නට ලැබීම සාමාන්‍යකරණය වී ඇත. විටෙක මෙම ඔන්ලයින් ප්‍රේමය වර්තමාන තරැණ තරැණියන්ට ජීවන ජීවිතයේ අවසානය පවා අභාග්‍ය ලෙස උදාකර දෙන්නේය.
එදා සුවඳ පිටු අතර සෙමින් ලියා , හොර රහසේ සුවඳ හසුන මහමෙරක් විය. එය විටෙක සතුටු කදුළු හෝ දුක් කදුළු පිරි කොටුපොළක් විය. නමුද් දුන් මෙය වර්තමාන තරැණ තරැණියන්ට හාස්‍යය උත්පාදන කාරණයකි. එදා පොත්වල පිටු අතරින් සුවඳ හසුන් මාරැ වූ අතර අද පොත්වල පිටු අතරින් දුරකථය රදවා එස්.එම්.එස්. යවන කාලයක් උදා වී ඇත. කාලය අරැමය. නමුදු එය කරැමය ද යන්න මම නොදනිමි.
"නොට් ජෝර්නින්
බට් ෆීලිංග්
වයි ඩාර්ලින් නොට් ලීවිං
සො හොට් බඩී ලවු යූ මගේ මැණික "
 යන  ආදර හැඟුම් දුරකථනයේ එස්.එම්.එස්. අතර උඩු දුවයි. බොහෝවිට මේ ආදර හැඟුම් මුමුණනුයේ කෙදිනකවත් ජීවිතයට නොදැකපු පෙම්වතුන් ය. නමුත් හසුන් අතර රැදි ආදරය මෙන් නොව නොදැකත් ළගින්ම දැනෙන ලෙස චැට් කරයි. සතියකින් , දෙකකින් ඔවුන් මුණ ගැසෙයි. ඉන්පසු ඔන්ලයින් මුකුලිත වූ ආදරේ කාමරයක මිලින වී යයි. ඉන්පසු ඔවුනොවුන් සොයා ගැනීමට පවා නොහැකිවේ.
අතීතයේ වෙරළ ඉමේ . වෙල් යායේ , වැට අද්දර , දොළ අද්දර හෝ වැව් ඉස්මත්තේ හිඳ දෑත් දෙනෙත් පටලා මිමිණු ආදරය , නැතිනම් සුන්දර පාසල්  පෙම අද කායි ද? අද ඒවා මියැදී ගොස් ද? ඒ වෙනුවට ඔන්ලයින් ප්රේමය ආක්රමණය කර ඇත්ද?
"නොදැකත් ළඟින් චැට් කරන නිසා
ඉස්සර පෙම්වතුන් දැන් ඔන්ලයින් වෙලා……………………"



Monday, 15 July 2019


හිරු නැගෙත් එක් අළුයමේ
මවක් හැඩවී
බිලිදු හිනැහී
මෙලොව එළි දුටු දා පටන්
බැදුනු බැමි කෙලවර නැතේ

දහස් ගනනින් සිහින පොදි බැද
දහස් වර නෙක කම් කටොලු මැද
හිනැහෙමින් ඇස් හඩවමින්
සොයා යන්නේ කුමක් දෝ අප??

සොබාදහමට වෙමින් අවනත
ඉපදී හැදී මියදී ගියත්
සිතක් වේ නම් කළු ගලක් මෙන්
කුමට සෝ ලතැවුල් ඉතින්
ජීවිතේ අපෙ රගමඩල නම්
අපි සැවොම එහි නළුවො නම්
තාවකාලික නැවතුමේ
සොයන සැනසුම් මුලාවක්

දුගද හමනා අපෙ කයේ
සුවද හමනා අපෙ ගුණේ
බුදුන් දෙසු දම් අපමණේ
සසර දුක කෙළවර නැතේ

දිවිය දෙස නුවණින් බලා
සිතමු නිති ධන හැගුමෙනා
සියලු බාධක බිද හෙලා
නැගී ඉමු රන් හිරු ලෙසින්..............................




Tuesday, 11 June 2019

 සෙනෙහසකට අරුතක් පුරවන්නට 
අහසේ තරු ගැන්නා..............................


ප‍්‍රණීත් අබේසුන්දරයන් පිළිබඳ......  

මහාචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර නම ඇසූ පමණින්ම අපේ මතකයට ගීතයන් පෙළක් ගලා එයි. ඔහු ඒ තරමටම ඔහු පන්හිදෙන් අකූරු හැඩකළ වාර අනන්තය . ඒවා රසිකයන් අතරට ගිය වාර ද අනන්තය. ඒවා රසිකයන්ගේ මුවග මිමිණූ වාරද නිරන්තරයෙන් දැක ගත හැකිය.  සත්‍යයෙන්ම මොහු කවුද? මොහු නමින් ප‍්‍රණිත් අබේසුන්දර වෙයි. මොහු මහාචාර්යවරයෙකි. ඔහු හදුන්වනුයේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාසත්‍්‍ර හා සමාජවිද්‍යා අධ්‍යානාංශයේ කලාශූරී මහාචාර්ය ප‍්‍රණීත් අබේසුනදරයන් ලෙසයි. මොහු රචිත ගීත වැඩිපුර ප‍්‍රමාණයක් ගායනා කරනුයේ සංගීත් නිපුණ් සනත් නන්දසිරි මහතායි.   මෙතූමා රචිත ගීත අතර ;

මම නම් ආසයි අහන්න නයනා
වරදනක් කළත් සිතකින් නොවේ
මුළු ලොවම මගෙන් අසාවි
තාර පාර දිග පාට පාට කඩ
තූන් රුවණේ (ආචාර්ය නන්දා මාලනිී)
තූන්මන් හන්දියේ අද මං පමණයි
රෝස කරත්තේ (මල්කාන්ති නන්දසිරි)
පත්තිනි දේවි අහසින් වඩිනා
සෙනෙහසකට අරුතක් පුරවන්නට

මෙවැනි ගීත රචනා කර රසිකයන් අතරට පැමිණියාක් පමණක් නොව මෙවැනි ගීතයන් නිසා ඔහු පැසසුම් ලැබූ අවස්ථා සහ සම්මාන පිට සම්මාන ලැබූ අවස්ථා ද අපමණය.

පසුගිය සම්මාන උළෙලක පත්තිනි චිත‍්‍රපටියේ  ”පත්තිනි දේවී ” ගීතයට සවර්ණ සම්මානයක් හමිි විය.
උප්පලවන්නා චිත‍්‍රපටියේ  ”තූන් රුවණේ ” ගීතයට හොඳම රචකයාට හිමි සිග්නීස් සම්මානය හිමිවිය.
”සිංහලයෙකූ වී ඉපදීමෙන් ” ගීත රචනා කෘතියට රාජ්‍ය සම්මාන හිමිවිය



මේ අනුව පෙනයීන්නෙ ්මහාචාර්ය ප‍්‍රණීත් අබේසුන්දරයන් ගී සාහිත්‍යයේ රචකයෙකූ වශයෙන් අතිවිශෂි්ඨ සේවයක් ඉටු කරන වගයි.


ප‍්‍රණීත් අබේසුන්දරයන්ගේ ඇසින් ගීතය...... 

                        ”අකාලයේ මිය ගිය සෙනෙහසේ ගීතය”

 මගේ සිත මීට වසර තිස්එකක් තරම් ඈතට දවයයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව මම උසස්පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ මම විද්‍යා අංශය තෝරාගැනීම පිළිබඳ ව පශ්චාත්තාප වෙමින් සිටියෙමි. අප පාසලේ පස්මහල් විද්‍යාගාරයට යාබදව දෙමහල් විද්‍යාගාරයක් පැවතිණි. එහි බිම් මහලේ කොරිඩෝව විවිධ දැන්වීම් පුවරු සඳහා වෙන්වී පැවතිණි. මෙම කොරිඩොව් දිගේ යමින් සිටියදී මගේ මිතූරෙකූ මගෙන් පැනයක් ඇසීය.

   ”උඹ ප‍්‍රණිත් අයියා දන්නවද?”
ඔහු ප‍්‍රශ්න කළේ පාසලේ ජේ්‍යෂ්ඨ සිසුවෙකූ පිළිබඳවයි. පැසිපන්දු කීඩාව ගැන පමණක් තදින් සිත යොමා සිටි මා මිත‍්‍රයාට පැවසූයේ නොදන්නා බවකි. ඉන්පසු දැන්වීම් පුවරුවක් ළගට මා කැදවාගෙන ගිය මගේ මිත‍්‍රයා එහි සවිකර තිබූ කවි පෙළක් මට පෙන්වීය. ”ආර්ට් එකේ අයියා කෙනෙක් , ලස්සනට කවි ලියනවා.....”
එකළ කවි ගැන මට උනන්දුවක් නොතිබුණ බැවින් මම ” ආ එහෙමද?” යනුවෙන් පැවසීමි. ඉන්පසු පංති කාමරේදී මගේ මිත‍්‍රයා පොත් අතරින් කාන්තා පුවත්පත් පිටුවක් ගෙන පෙන්වීය .

එහිද ප‍්‍රණීත් අබේසුන්දර නම් වූ ජේ්‍යෂ්ඨ ශිෂ්‍යාගේ කවි පෙළක් දක්නට ලැබුණි. විද්‍යා විෂය ගැන කලකිරී සිටි මට කලා ශිෂ්‍යයන් ගැන ආදරයක් ඇතිවිය.

පසුව විද්‍යා විෂයයන් අතහැර කලා විෂයයන් තෝරා ගැනීමට මෙවැනි සිදුවීම් ද හේතූ වූවා පමණක් නොව ප‍්‍රණීත් අබේසුන්දර යන නම ද මා තූළ නොමැකෙල ලෙස සටහන් විය. ඉන්පසු මා ඔහුව දුටුවේ ” ජෝන් ද සිල්වා” ”සමරු රගහලේ” ”අහෝ මිත‍්‍රවරුණි” නමින් මා කවිපොතක් එළි දක්වන අවස්ථාවේදී ය. ඉන්පසු වරක් දෙවරක් කතාබහ කරන්නට අවස්ථාව ලැබුණද අප අතර ඇසුරක් නොවීය. එහෙත් මේ ජේ්‍යෂ්ඨ ශිෂ්‍යයා කීර්තිමත් ගීත රචකයෙකූ වූ ආකාරය, සරසවි ඇදුරෙකූ වූ ආකාරයත් ,කීර්තිමත් විද්වතෙකූ වූ ආකාරයත් මා පසෙකට වී බලා සිටියේ පාසල නිසා උපන් නිහඬ ආඩම්බරයකිනි.

ඔහු ලිවූ ගීත රචනා අප‍්‍රමාණය. මා අද මේ ගීතය තෝරාගත්තේ, ඊයේ හවස මට කලෙකට පසු මේ ගීය අසන්නට ලැබූ බැවිනි.



මාගේ ඇසින්..... 
”සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා  වෙරළේ රළ මැන්නා...... සීමාවක් මායිමක් නැතැයි කී  සෙනෙහස ඇයි දෙතැනක තනි වී......”

සෙනෙහසකට අරුතක් සොයන්නට අහසේ තරු ගණින , වෙරළේ රළ මනින පෙම්වතූන් පෙම්වතියන් කොතෙක් වේද? ඇත්තටම ආදරය යනු පිවිතූරු හැඟීමකි. එමෙන්ම ආදරය යනු සාගරයක් වැනි ,සාගරයේ රළ වගේ, සීමාවක් නැති , ප‍්‍රමාණයක් නැති අකූරු හතරකි. තවත් විටෙක ආදරය යනු වේදනාවකි. ඒ වේදනාව අපේ සිතට දැනෙනුයේ අපි සාගරයක් වගේ ,සාගරයේ රැුළි වගේ ආදරය කළ නිසාවෙනි. ඒ වගේම ආදරයෙන් නැගෙන වේදනාවට ද සීමාවක් නොමැති තරම්ය.

සැබෑම අවංක පෙම්වතෙකූ හෝ පෙම්වතියක් ඔවුන්ගේ අවංක ආදරය රැුක ගැනීමට තමන්ගේ ආදරය හැර තම ජීවන වීවිතයේ  ඕනෑම දෙයක් කැප කරනු ලබයි. එනිසාවෙන්ම හදවතේ නැගෙන එ සුන්දර හැඟීම සදාකාලිකවම තමා සතූ කරගන්න උත්සාහ ගන්න ආදරවන්තයින් කියාගන්නට බැරි තේරුම් ගන්නට බැරි එකම එක සොදුරු සිතිවිල්ලක් වූ ආදරය ඉදිරියේ ආදරය ජීවන ජීවිතයේ කොටසක් කර ගනියි. එ් වගේම ජීවිතය තිබෙන තූරාවට සදාකාලිකව ම එකට සිටීමේ අදිටනින් පේ‍්‍රමයේ මිහිර විදින්නන් ඒ මිහිරියාව සදාකාලික කර ගැනීම වෙනුවට පන දෙන්නට පෙම්කළ තම පෙම්වතා හෝ පෙම්වතියට විරහවක් අත්කර දෙන්නේද සීමා නොවන පේ‍්‍රමයේ මුල්කාලීන සිතිවිලි වලට සීමාවන් එක්කරලමිනි.

ප‍්‍රණීත් අබේසුන්දරයන්ගේ පන්හිදෙන් ලියැවුණු , මහනි්ද බණ්ඩාරයන් සංගීතවත් කළ , අසංක පි‍්‍රයමන්ත පීරිස් විසින් ගායනා කරන සෙනෙහසකට අරුතක් පුරවන්නට ගීතය සීමා මායිම්නැතැයි සිතා සිටින සැබෑ ආදරවන්තයින්ට ආදරවන්තියන්ට සැබෑ තතූ පහදාදෙන්නකි.

හදවතේ උපන් ආදරයේ නාමයෙන් එකවහළක් යටට එක්වීමට පෙරුම් පිරූ යුවළකගේ අහඹු දුරස්වීමක දෝංකාරය මේ පදමාලාව තූළව මනාව අන්තර්ගත වී ඇත. උත්තරීතර ආදරයක මතකය කොච්චර ලස්සන උනත් අහිමි පේ‍්‍රමය දැනෙන වාරයක් වාරයක් පාසා නෙතට කදුළු මෙන්ම වෙනදා නොදැණුන අමුතූම ආකාරයක තනිකමක් , හිසබ්වක් හිතට දැනෙයි. මතකය සැරින් සැරේ සිත ගාව හොල්මන් කරනු ලබයි. ඒ නිසාම හදවත සිදුරු කරගෙන ලේ, ඇට, මස්, නහර හරහා ගොස් ආදරයේ වේදනාව දරාගන්න


 බැරිම තැන අන්තිමේ දී ජීවිතයෙන්ම පලා යන්නොද්  , මොන දේ කළත් ආදරය කරපු සිතකට වෛර කරන්නට , රිද්දන්නට හිතන්නවත් බැහැ කියන්නො ්ද ආදරයයි වෛරයයි අතර වූ නූලන පරතරයක් අහිමිව තීන්දු තීරණ ගන්නේ සිතුවිලි පාලනයේ දුර්වලතාවයන් නිසාවෙනි.

සුන්දර ආදරය තාවකාලකි නමුත් එයින් හටගන්නා වේදනාව සදාකාලික වේ. ආදරය බිදෙන වීදුරුවක් බදුය. ආදරය දැනෙන විට හැෙඟන විට දෙදෙනා දෙදෙනාවම විනිවිද දකියි. නමුත් ආදරය බිදුණුවිට බෙහොමත් දුර්වලය. එසේ බිදුණු ආදරයක් නැවතත් යථා තත්ත්වයට පත්කළ නොහැකිය.

    ”බිදුණොත් බදුනක පිළියම් කරනට       බැරි කැළලක් මතූ වී පෙනෙනා”

එවන් වූ පේ‍්‍රමයේ දිග්විජය ලැබීමට පෙම්වතා ගත්තාවූ අපරිමිත උත්සාහයත් , එහෙත් ඇය දිනා ගැනීමට  ඒ හැම අවස්ථාවකදීම ඔහටු නොහැකි වූ ආකාරයත් හඟීම්බරව ප‍්‍රකාශ කරලීමට පද රචකයා සමත්ව ඇත්තේ ලොව වැඩි කළක් පවතින්නා වූ ආදරය වන්නේ කිසි දා හමිි නොවූ ආදරය ද යන්න පසක් කරමිනි.

”පවකින් පෙර අත් භවයක සිදු වූ   සිතකින් සිතකට දුක පිරුණා  මගේ අත දිගූ කළ හැකි හැම තැන දී
ඔබ අත මා දුරකින් තිබුණා...”

පෙම්වතාට නිරන්තරයෙන් පෙම්වතිය හිමිකර ගැනීමේ හැකියාව තිබුණද  පෙම්වතියට ඔහුගේ ඈතින් සිටියි. එනම් කූලමල භේද , වත්පොහොසත් කම් , ආදිය නිසා පෙම්වතියට පෙම්වතා හිමි නොවන්නේ විය හැකිය.  එය අබේසුන්දරයන් දකිනුයේ ඉතාමත් අපූර්ව ලෙසිනි.” මගේ අත දිගූ කළ හැකි හැම තැන දී   ඔබ අත මා දුරකින් තිබුණා...” යනුවෙනි. මෙහි ඇති සරල සුගම ගේයමය පද සමූහය සහෘදයා අමන්දානන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙන යන්නේය.

අව්‍යාජ පේ‍්‍රමයකින් හද උතූරා යන මේ අහිංසක තරුණයාගේ මුවගට නංවන මේ වදන් ඔහුගේ නොව ප‍්‍රණීත් අබේසුන්දර නම් ඒ අපූරු ගීත රචකයාගේම ය. ශ‍්‍රාවක භාව මණ්ඩලයම කම්පනයට පත් කරවන තරම් ශෝකී රාවයකින් ද කරුණා කරුණා රසයෙන් ද අනූනව ගලා එන මෙවදන් නම් මෙවන් අනුවේදනීය අත්දැකීමක් ලත් පෙම්වතෙකූගේ මුවට නිරායාසයෙන් නැගෙන්නක් නොවේද?

ජීවිතය යනු ආදරයයි. ආදරය යනු ජීවිතයයි.මේ දෙක ඉරක් ගසා එකිනෙක වෙන් කළ නොහැකය. එනිසාම ජීවත්වන හැම දවසක්ම ආදරණිය දවසකි. හිතට ඇවිත් හිතේ තූරුළුව ඉන්නා සුන්දරතම ආදරයේ සුඛ දුක්ඛ අත්දැකීම් සමඟ සිනා සුසුම් පිරිවරාගෙන මේ ජීවිතයේ දවස් එකිනෙක ගෙවී යයි. හමුවන සිහින වෙන් නොවී ඉදීමේ පැතූම් හිතේ පොරකයි. නමුත් එය එක්වීමකින් අවසන් නොවේ. ඒ බැව් ප‍්‍රණීත් අබේසුන්දරයන් පහත ආකාරයට මනාව උකහා දක්වයි.
”සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනි වී”

මේ සියල්ල අද තරුණයෙකූගේ ජීවන මඟට වැටුණු පේ‍්‍රමයේ සෙනෙහෙ ඇති සුමුදු මල් පෙත් වී ඇත.






Tuesday, 28 May 2019


නොහැගේ ද නොදැනේද ඔබට 
තවත් රිදුම් බැරිය මට උහුලන්න..................



වෙනදා මෙන් දොඩමළු වෙන්නට නොහැක මට
පාළුවවිත් දවාලන ‍හදයි සිතුවිලි අළු ලෙසට
කෙලෙස සන්සුන් කර ගමිද හද අවැසිසේ මෙමට
බලා හිදිමි අරමුණක් නැති කාලකණ්නියක් ලෙසට

ගෙවෙන මොහෙතක් දැනේ කල්පයක් ලෙසට
කදුළු සීතලව දියකරනු මතක හිමකදු ලෙසට
නැත තැනක් සැගව පලා යන්නට මෙමට
දොස් නගමි මම ලොවට මෙන්ම මගේ හදවතට

මුලාවක ගිය පසුව තේරුමක් දැන කුමට
නිදිවරන දෙනයනට අස්වැසිල්ලක් වන්නට
නොහැකි නම් ලතවන්නේ මෙතරම් කුමට
යන්න සිතිජෙන් එහා පෙනෙනා ඉමට

පිළිසරණ නැති මගෙ මැරුණු හදවතට
දැනෙන වේදනාවන් බැරිය පවසන්ට  
නොදැනේද නොහැගේද ඔබට
තවත් රිදුම් බැරිය මට උහුලන්ට

කුරිරු වී ගිනියම්ව ගිය මගෙ පෙම් විලට
හංසයින් නොපැමිනෙයි යලි විද හිදින්ට
පරාජිත මූසල රැයට සාප කර සැමවිට
හැර යමි මා සදාතනිකව සියළු දෑ මිහිපිට


Wednesday, 3 April 2019


බණ්ඩාර දේව සංකල්පය


   නීල අහසේ ඈතට විසිවුණු කදු පංතීන්ගෙනුත් , හෙල්මළු ක්‍රමයට සෑදුණු කුඩා වෙල්යායවලුත් විශාල වෙල්යායවලුත් මෙන්ම ගලා හැලෙන දුන්හිඳ , දියළුම , බදුලු නදී සහ මහවැලි ගං කොමළීන්ගෙනුත් කන්ද උඩරට රාජ්‍යෙය් ඌව වෙල්ලස්සට හිමිවනුයේ ඉතාමත් මනහර වූත් , සුන්දර වූත් , සිත් ඇද බැඳ ගන්නා අමුතුම සිරියාවකි. විටෙක මීදුමෙන් වැසී යන උඩරට කදුකරයේ ඌව වෙල්ලස්ස තුළ අප නොදන්නා අමුතුම වූ කතන්දර බොහොමයකි.

     මේ වෑයම  එසේ සැඟවුණු ඉතාමත් රසවත් කතාන්දරයක් වන "බණ්ඩාර දේව සංකල්පය" පිළිබඳ
ඔබට හෙළිදරව් කිරීමටයි. කවුරුන්ද මේ බණ්ඩාර දෙවියො ? ඇයි උඩරට මිනිසුන් මෙම බණ්ඩාර දෙවියන් අදහන්නේ ?  ඔහුගෙන් වුණු සේවය කුමක්ද ? යන්න මෙතැන් පටන් පරිකල්පනයෙන් විමසා බලමු. බුදුරදුන්ගේ ඇල්ම බැල්ම හොඳින්ම පහස ලබා ඇති මෙම ප්‍රෙද්ශය තුළ දෙව සංකල්පයන් ද නොඅඩුව ම දක්නට ලැබේ. බොහෝ විට අප දෙවියන් අදහන්න ආරම්භ වී ඇත්තේ අපේ රටට බුදුදහම පැමිණෙන්නටත් පෙර සිටය. මින්සුන් එකළ විශ්වාස කර ඇත්තේ ඔවුන්ගේ මැවුම්කාරයා දෙවියන් වහන්සේ යනුවෙනි. ඒ අතර අප දන්නා ස්වදේශිය දෙවිවරුන් නම් මින්නේරී දෙවියන් , ශ්‍රී සුමන සමන් දෙවියන් , රුහුණු රටේ ස්කන්ධ දෙවියන් ය. බණ්ඩාර දෙවියන් අදහන්නේ උඩරට මිනිසුන්වේ . පත පොතේ සඳහන් අන්දමට දෙවියන්ගේ ප්‍රධානියා ශක්‍රයාය. ඔහුගේ පිරිසේ තවත් දෙවිවරු තිස්තුන් කෝටියකි. විෂ්ණු , පත්තිනි යන සිව්වරම් දෙවියන් සේම සමන් , දැඩිමුණ්ඩ , සරස්වතී දෙවිවරුන් අතර ප්‍රසිද්ධ තවත් ප්‍රධාන දෙවිවරුන් කිහිපදෙනෙකු වේ.  මෙම තිස්තුන් කෝටියක් වූ දෙවිවරු හැරුණු විට අප රටේ විවිධ ප්‍රදශෙයන්ට අරක්ගත් ගම්බාර දෙවිවරුන් නමින් හැඳින්වෙන තවත් දෙවිවරු කොටසක් ද වෙති. ගම්බාර දෙවියන් ලෙස දේවත්වයට පත් වූ ඇතැමෙක් මිනිසුන් ලෙස ජීවත් වී ඔවුන් සමාජයට කළ යහපත් දේ මෙන්ම අයහපක් දේ නිසා ද පසුකලෙක දේවත්වයට පත් වූවෝය. මොවුන් සමහරෙකු විටෙක යක්ෂ වේශයකින් ද තවත් විටෙක දේව විලාසයකින් ද පෙනී සිටින බව ද ගැමීහු විශ්වාස කරති.





බණ්ඩාර නමින් හැදින්වෙන දෙවියන් කොහොඹා දෙවි තුන් කටිටුවට වඩා විශේෂ තැනක් ගනු ලබයි. බණ්ඩාර දෙවියන් අතර ඉරුගල් බණ්ඩාර වේ. මලයාවේ රජුට දෙවන පාලකයා හදුන්වන 'පණඩාර'හෝ 'පෙන්දනාර ' යන්නෙන් මෙරටට ලැබුණු බවට සෙනරත් පරණවිතාන මහතා මතයක් පළ කොට ඇත. තවත් ආකාරයට 'හ්‍යු නෙවිල්' විද්වතානන් තම කෘතියක සඳහන් කර ඇත්තේ , බණ්ඩාර වංශය කුවේණියගේ පුත් ජීවහත්තගෙන් පැවත එන රාජ්‍ය වංශයක් බවයි. එසේම ලංකාවේ වැදි ගෝත්‍රිකයන්
 උසස් ම පෙළපත ද බණ්ඩාර වර්ගය බව ද සඳහන් කර ඇත. තවත් ආකාරයට බණ්ඩාර දෙවිවරු ලංකාවේ සත් දෙවිවරු ගණයට අයත් වේ. මියගිය ඥාතීන් යක්ෂ තත්ත්වයෙහිලා සැලකීම වැද්දන්ගේ සිරිතකි. වැදි ජනයා සිය මළගිය ඥාතීන්ට දක්වන ආකල්පයට සමාන ආකල්පයක් උඩරට ප්‍රද්ශයේ ජනතාව බණ්ඩාර දෙවියන් පිළිබඳ දරයි .


 ක්‍රි.පූ. 14 වන සියවසෙන් පසු ලංකාවේ බණ්ඩාරවලිය සිදු වූවා දැයි කටකතාවල පැවසේ. එනම් මැලේ අර්ධවීපයෙන්ද්මෙරටට පැමිණි මොහු රටේ පාලන පංතිය සමඟ ඓන්දීය සබඳතා පැවැත් වූ අතර මොහු මිය යෑමෙන් ජනතාව දේවත්වයෙන් සළකා වැදුම් පිදුම් කරන්නට පටන් ගැණුනු බව ජනප්‍රවාදයේ සඳහන් කෙරේ.

 දඹානේ ආදීවාසීන් ඇතුළු ඌවේ ගැමියාට නිරන්කරයෙන් බැල්ම හෙළමින් ඔවුන් ආරක්ෂා කිරීමට කැප වී සිටින බණ්ඩාර දෙවියන් කළුබණ්ඩාර දෙවියන් නැතහොත් කළුකුමාර දෙවියන් යන නම්වලින් හඳුන්වන ගම්බාර දෙවියෙකි.

 අතීත කතාවල සඳහන් වන පරිදි කුඩා කොහොඹා බණ්ඩාර , මහ කොහොඹා බණ්ඩාර , සඳුගල් බණ්ඩාර වියෙන් උපන් විය රජ්ජුරුවො , මළෙන් උපන් මළ රජ්ජුරුවො යනුවෙන් පරම්පරාවක් අතීතෙය් වාසය කර අැත. කළුබණ්ඩාර දෙවියොත් මෙන්න මෙ පරම්පරාවට අයිති කෙනෙක් ලෙස ජනප්‍රවාදයෙ සැළකෙයි.බණ්ඩාර දෙවියන්ගෙ උපත ගැන සමහරුන් විවිධාකාර වූ අදහස් දරයි. එක කතාවක සඳහන් වන පරිදි මෙම බණ්ඩාර දෙවියන් බවට පත්වූවා යැයි සැලකෙන්නේ කුවේණිගේ මාමා කෙනෙකු වු කළුව යන පුද්ගලයා වන  බව දක්වයි.  මෙම පුද්ගලයා දේවත්වයට පත් වී බණ්ඩාර දෙවියන් වූ බවයි සමහර ජනයාගේ විශ්වාසය වනුයේ.  ඔවුන් මෙම දෙවියන්ව රාජ කඩවර කළු බණ්ඩාර යනුවෙන් ද හඳුන්වනු ලබයි. කුවේණි යනු විජය රජ්ජුරුවන්ගේ පළමු බිසව වේ. ඇය යක්ෂ ගෝත්‍රයට අයත් වේ. විජය රජු විසින් කුවේණිය ජීව දත්ත හා දිසාලා යන දරුවන් දෙදෙනාත් සමඟ පන්නා දෑමූ පසු කුවේණිය මිය යයි. ඉන්පසු ඇගේ දරු දෙදෙනා රැක බලාගෙන ඇත්තේ මෙන්න මේ කියන කළුව හෙවත් බණ්ඩාරයන් ය. මෙසේ දරුවන් දෙදෙනා විවිධ දුක් ගැහැට විදිමින් ජීවත් වන විට කළුබණ්ඩාරයන් ඔවුන්ව ආදරයෙන් බලාගෙන ඇත. මේ සඳහා ආදීවාසීන් ද බොහෝ සේ උදව් කර ඇත. ඔවුන් වාසය කරා යැයි සැළකෙන්නේ මහවැලි ගං ඉවුර දෙපස ඇති කැළෑවලයි.

දවසක් හරි පුදුමාකාර වැඩක් වී ඇත. බණ්ඩාරයන් මහවැලි ගඟේ මෙහා ගොඩේ සිටිනා විට මී මැසි රංචුවක් මී පැණිත් අරගෙන හුන්නස්ගිරිය පැත්තේ ඇති යහන් ගල පැත්තට යන සැටි දුටුවේය. මෙය දුටු කළු බණ්ඩාරයන් ද ගල් උඩින් පැන පැන මී මැස්සෝ පස්සෙන් යන්නට විය . මෙසේ යන් විට කරුමයට වාගේ එක ගලකින් පනිද්දි කළුවා ඇදගෙන වැටී ඔළුව ගලක වැදී මිය ගියේය. නමුත් ඔහු මිය යාමෙන් පසුව  හුන්නස්ගිරිය කැළේම උපත ලබා කුවේණිගේ දරුවන්ට ආරක්ෂාව සළසා ඇත.  මේ කාලේ දී ඇදීවාසී ජනතාව ද මෙම දරුවන්ව ආදරයෙන් රැක බලාගෙන ඇත. මෙනිසාවෙන් ම අදටත් ආදීවාසී ජනයාට කළුබණ්ඩාර දෙවියන්ගෙ බැල්ම ලැබී ඇත.


 බණ්ඩාර දෙවියන් මී ඇදුමෙදි මිය ගිය නිසාවෙන් අදටත් තොවිල් පවිල් වලදී මී කැඩීම නැමති නැටුමක් ඉදිිරිපත් කරයි. මල් එළි නටන විටත් ආදීවාසීන් බඹර කැපිල්ල යනුවෙන් කරන්නේ ද මෙනිසාවෙනි. ආදීවාසිහු බොහෝ අවස්ථා වලදී කළුබණ්ඩාර දෙවියන්ට පුද පූජා සත්කාර කරන බවක් අදටත් අපට දක්නට ලැබේ. මහියංගන සමන් දේවාල පෙරහරේ දී  මේ කඩවර දෙවියන්ට විශේෂ තැනක් දීමට ආදීවාසී ජනතාව කටයුතු කර ඇත. විශේෂයෙන්ම එම පෙරහරත් සමඟ ම රෑ මැදියමේ තිබෙන පැණි පෙරහරේදීත් , උදේට තිබෙන දොඩම් පෙරහැරේදීත් කළුබණ්ඩාර දෙවියන් වෙනුවෙන් නැටුම් පවත්වනු ලබයි. එසේම ඔවුන්ගේ තොවිල් වලදීත් උන්වහනසේ වෙනුවෙන් නැටුම් පවත්වයි. කළු බණ්ඩාර දෙවියන්ගෙන් නිරතුරුවම මෙම ඌවේ ජනයාට පිහිට ආරක්ෂාව ලැබේ. කාලෙකට ඉස්සර දී මෙම රටේ තිබුණු මහ වසංගත වලදී ගම්මාන පිටින් විනාශ වී ඇත. නමුත් බණ්ඩාර දේවතාවුන් වහන්සේලේ බැල්ම නිසා ඌවේ ආදීවාසීන්ට කිසිම කරදරයක් සිදුවී නැත. එසේම උන්වහන්සේ ගැන සඳහන් වන අපූරු කතාවක් වනුයේ මෙසේය. බණ්ඩාර දෙවියන් ගැන විශ්වාසය අඩුවෙලා උන්වහසේ ගැන සමච්චලේට ලක්කළහොත් නම් ඒ අයට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේ. ඒ වගේ සිද්ධියක් පිළිබඳව අපි විමසා බලමු.  දවසක් තොවිලයක් තිබී ඇත. එය නැරඹීමට පැමිණි ගැටයෙකු කළුබණ්බාර දෙවියන් නටන විට උසුළු විසුළු කර ඇත. පහුවදා එළි වී ඇත්තේ අර ගැටයාට ලේ බඩ යෑමෙනි. මොහුට මොන දේ කළත් සුව වී නොමැත. පසුව බණ්ඩාර          
 දෙවියන්ගෙන් සමාව ගෙන පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව මොහුට හොඳ වී ඇත. එපමණක් නොව උන්වහන්සේගේ උදහසට ලක් වුණොත් ඇස් රෝග , හොරි , දද , කුෂ්ට රෝග වැනි දෑ වැළදෙයි. නමුත් මේ හැමටම වැඩියෙන් ඌවේ ජනයා මෙම බණ්ඩාර දෙවියන් ඉතාමත් ගෞරවයෙන් පුදනු ලබයි.


  බොහෝ දෙවියන්ට මෙන්ම කළුබණ්ඩාර දෙවියන්ට ද ශරීර කායක් තිබේ. උන්වහන්සේටත් තිබෙනුයේ අනෙකුත් දෙවිවරුන්ගේම රූපයට සමාන රූපයකි. උන්වහන්සේගේ සිරුර තද කළු පැහැතියි ය.  උන්වහන්සේගේ රූපයක් අදටත් මහියංගන සමන් දේවාලයේ දක්නට ලැබේ. එය කළුවර ලීයකින් නිමවා ඇත. එක අතක මලා ලීයෙන් සාදන ලද ගල් දුන්නක් ද අනෙක් අතේ හෙල්ලයක් හෝ කෙටේරියක් ඇත. උන්වහන්සේගේ රූපය හරියටම දේව රූපයකට සමාන වේ. බණ්ඩාර දෙවියන් වහන්සේට අදටත් ආදීවාසීන් පමණක් නොව ඌව පළාතේ සංහල බෞද්ධයෝ ද සෙසු ආගමිකයෝ ද පුද පූජා පවත්වති.


 කළුබණ්ඩාර දෙවියන්ගේ උපත පීළිබඳව ජනප්‍රවාදයේ මෙවැනි කතාවක් ද දැක්වේ. "කළු බණ්ඩාර දෙවියෝ නැතිනම් කඩවර දෙවියෝ යනු මව්කුසින් බිහි වූ කෙනෙකු නොවේ. එතුමා රාවණා රජුගේ දියණියක් වන නුවර සීතාපති බිසවුන් වහන්සේගේ ලේ ගර්භය පළාගෙන උඩගිය ලේ බිංදුවෙන් උපන් කෙනෙකු යැයි පොත්පත්වල සඳහන් වේ.  මුන් වහන්සේට කඩවර යක්ෂයා යනුවෙන් ද සඳහන් කරයි.


 මෙම බණ්ඩාර දේවතාවන්ගේ ඇල්ම බැල්ම වැඩිපුරම ඇත්තේ මහියංගණ , බිම්තැන්න , වෙල්ලස්ස , වියළුව ආදී ප්‍රෙද්ශවලට බව සදහන් වේ. විශේෂයෙන්ම ඉර නගින , ඉර මුදුන් වන වගේම ඉර බහින වෙලාවට උන්වහන්සේගේ බැල්ම වැඩිපුරම වැටේ. ඒ වගේම ඉරිදා , සිකුරාදා , අඟහරුවාදා දිනවල ඔහු වඩාත්ම බලගතුය. මොහු දෙවි කෙනෙකු වුවත් යක්ෂ දිෂ්ටියක් තියෙන කෙනෙකි. අමු මස් , පුළුටු , ඊරී කුකුල්ලු ආදියට ඔහ් ප්‍රිය කරයි.   අප ඇසු බොහෝ ජනප්‍රවාද වලට අනුව බණ්ඩාර දෙවියන් යනු කලෙකට පෙර මනුස්සාත්මයක් හිමිව තිබූ පුද්ගලයෙකි. ඔහු දේවත්වයට පත්ව ඇත්තේ තම ගෝත්‍රික සමාජය වෙනුවෙන් ඉටුකළ ඉමහත් සේවය නිසාවෙනි.


  කළුබණ්ඩාර දෙවියන්ගේ පුරාවත ගැන කවුරුන් කුමන අදහසක් දැරුව ද ඒ කතා තුළින් වත්මන් සමාජයට ද උගත හැකි පාඩම් ද බොහෝය. සමාජයට හොඳ වැඩ කරන්නෝ මිය ගිය ද ඔවුන්ගේ නාමය නොදිරන බව අපි අසා ඇත්තෙමු. "නාමේ නොදිරනා - කුණු කය දිරනා " යනුවෙන් හැත්තෑවේ දශකයේ දී ඒ. එම්. යූ. රාජ් නම් දමිළ ගායකයාට ගයන්නට සිංහල ගීත රචකයෝ ඒ ගැන කියවෙන පදවැල් ඇමිණුවේද ඒ නිසාමය . සමාජයට යම් යහපතක් කොට යමෙකු මිය ගියද ඔහුගේ නම කිසිදිනෙක මිනිසුන්ට අමතක නොවෙයි. දේවත්වයට පත්වීම් හෝ නොවීම් හෝ කෙසේ වෙතත් මිනිසුන් අතර දෙවියකු වීමට අප සමාජයේ ඕනෑම අයෙකුට දුර්ලභ මිනිසත් බව තුළින් අවස්ථාවක් හිමිව තිබේ.


-      W.M.M. අමාලි විජේසිංහ -
කැලණිය විශ්ව විද්‍යාලය ,
                                                                                           HS/2014/1240.



සයුරක රළ මෙන් හෙළූ දා බිදු
අහසක වැහි මෙන් හෙළූ කදුළු බිදු.........

දෙපා වාරු නැති මගේ බොළද වියෙ
අතකින් අල්ලා මා නැගිටූවා.........
හැම තප්පරයෙම මගෙ ජය මග
පමණක් පැතුවා.........

මගේ සිහින සැම , සිහිනයක්ම වූ කළ
වුණේය සවියක් මා හට ඔබ
සැබෑ වී ඇත සත්තකින්
සිහිනයක් නොව එය අද
කෙළෙස  ගෙවන්නද ණය  ඔබ හට
 වදිනෙමි දණ නමා දෙපා
දීර්ඝායු වේවා !!!!!!!!! ඔබ හට .............