Tuesday, 11 June 2019

 සෙනෙහසකට අරුතක් පුරවන්නට 
අහසේ තරු ගැන්නා..............................


ප‍්‍රණීත් අබේසුන්දරයන් පිළිබඳ......  

මහාචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර නම ඇසූ පමණින්ම අපේ මතකයට ගීතයන් පෙළක් ගලා එයි. ඔහු ඒ තරමටම ඔහු පන්හිදෙන් අකූරු හැඩකළ වාර අනන්තය . ඒවා රසිකයන් අතරට ගිය වාර ද අනන්තය. ඒවා රසිකයන්ගේ මුවග මිමිණූ වාරද නිරන්තරයෙන් දැක ගත හැකිය.  සත්‍යයෙන්ම මොහු කවුද? මොහු නමින් ප‍්‍රණිත් අබේසුන්දර වෙයි. මොහු මහාචාර්යවරයෙකි. ඔහු හදුන්වනුයේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාසත්‍්‍ර හා සමාජවිද්‍යා අධ්‍යානාංශයේ කලාශූරී මහාචාර්ය ප‍්‍රණීත් අබේසුනදරයන් ලෙසයි. මොහු රචිත ගීත වැඩිපුර ප‍්‍රමාණයක් ගායනා කරනුයේ සංගීත් නිපුණ් සනත් නන්දසිරි මහතායි.   මෙතූමා රචිත ගීත අතර ;

මම නම් ආසයි අහන්න නයනා
වරදනක් කළත් සිතකින් නොවේ
මුළු ලොවම මගෙන් අසාවි
තාර පාර දිග පාට පාට කඩ
තූන් රුවණේ (ආචාර්ය නන්දා මාලනිී)
තූන්මන් හන්දියේ අද මං පමණයි
රෝස කරත්තේ (මල්කාන්ති නන්දසිරි)
පත්තිනි දේවි අහසින් වඩිනා
සෙනෙහසකට අරුතක් පුරවන්නට

මෙවැනි ගීත රචනා කර රසිකයන් අතරට පැමිණියාක් පමණක් නොව මෙවැනි ගීතයන් නිසා ඔහු පැසසුම් ලැබූ අවස්ථා සහ සම්මාන පිට සම්මාන ලැබූ අවස්ථා ද අපමණය.

පසුගිය සම්මාන උළෙලක පත්තිනි චිත‍්‍රපටියේ  ”පත්තිනි දේවී ” ගීතයට සවර්ණ සම්මානයක් හමිි විය.
උප්පලවන්නා චිත‍්‍රපටියේ  ”තූන් රුවණේ ” ගීතයට හොඳම රචකයාට හිමි සිග්නීස් සම්මානය හිමිවිය.
”සිංහලයෙකූ වී ඉපදීමෙන් ” ගීත රචනා කෘතියට රාජ්‍ය සම්මාන හිමිවිය



මේ අනුව පෙනයීන්නෙ ්මහාචාර්ය ප‍්‍රණීත් අබේසුන්දරයන් ගී සාහිත්‍යයේ රචකයෙකූ වශයෙන් අතිවිශෂි්ඨ සේවයක් ඉටු කරන වගයි.


ප‍්‍රණීත් අබේසුන්දරයන්ගේ ඇසින් ගීතය...... 

                        ”අකාලයේ මිය ගිය සෙනෙහසේ ගීතය”

 මගේ සිත මීට වසර තිස්එකක් තරම් ඈතට දවයයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව මම උසස්පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ මම විද්‍යා අංශය තෝරාගැනීම පිළිබඳ ව පශ්චාත්තාප වෙමින් සිටියෙමි. අප පාසලේ පස්මහල් විද්‍යාගාරයට යාබදව දෙමහල් විද්‍යාගාරයක් පැවතිණි. එහි බිම් මහලේ කොරිඩෝව විවිධ දැන්වීම් පුවරු සඳහා වෙන්වී පැවතිණි. මෙම කොරිඩොව් දිගේ යමින් සිටියදී මගේ මිතූරෙකූ මගෙන් පැනයක් ඇසීය.

   ”උඹ ප‍්‍රණිත් අයියා දන්නවද?”
ඔහු ප‍්‍රශ්න කළේ පාසලේ ජේ්‍යෂ්ඨ සිසුවෙකූ පිළිබඳවයි. පැසිපන්දු කීඩාව ගැන පමණක් තදින් සිත යොමා සිටි මා මිත‍්‍රයාට පැවසූයේ නොදන්නා බවකි. ඉන්පසු දැන්වීම් පුවරුවක් ළගට මා කැදවාගෙන ගිය මගේ මිත‍්‍රයා එහි සවිකර තිබූ කවි පෙළක් මට පෙන්වීය. ”ආර්ට් එකේ අයියා කෙනෙක් , ලස්සනට කවි ලියනවා.....”
එකළ කවි ගැන මට උනන්දුවක් නොතිබුණ බැවින් මම ” ආ එහෙමද?” යනුවෙන් පැවසීමි. ඉන්පසු පංති කාමරේදී මගේ මිත‍්‍රයා පොත් අතරින් කාන්තා පුවත්පත් පිටුවක් ගෙන පෙන්වීය .

එහිද ප‍්‍රණීත් අබේසුන්දර නම් වූ ජේ්‍යෂ්ඨ ශිෂ්‍යාගේ කවි පෙළක් දක්නට ලැබුණි. විද්‍යා විෂය ගැන කලකිරී සිටි මට කලා ශිෂ්‍යයන් ගැන ආදරයක් ඇතිවිය.

පසුව විද්‍යා විෂයයන් අතහැර කලා විෂයයන් තෝරා ගැනීමට මෙවැනි සිදුවීම් ද හේතූ වූවා පමණක් නොව ප‍්‍රණීත් අබේසුන්දර යන නම ද මා තූළ නොමැකෙල ලෙස සටහන් විය. ඉන්පසු මා ඔහුව දුටුවේ ” ජෝන් ද සිල්වා” ”සමරු රගහලේ” ”අහෝ මිත‍්‍රවරුණි” නමින් මා කවිපොතක් එළි දක්වන අවස්ථාවේදී ය. ඉන්පසු වරක් දෙවරක් කතාබහ කරන්නට අවස්ථාව ලැබුණද අප අතර ඇසුරක් නොවීය. එහෙත් මේ ජේ්‍යෂ්ඨ ශිෂ්‍යයා කීර්තිමත් ගීත රචකයෙකූ වූ ආකාරය, සරසවි ඇදුරෙකූ වූ ආකාරයත් ,කීර්තිමත් විද්වතෙකූ වූ ආකාරයත් මා පසෙකට වී බලා සිටියේ පාසල නිසා උපන් නිහඬ ආඩම්බරයකිනි.

ඔහු ලිවූ ගීත රචනා අප‍්‍රමාණය. මා අද මේ ගීතය තෝරාගත්තේ, ඊයේ හවස මට කලෙකට පසු මේ ගීය අසන්නට ලැබූ බැවිනි.



මාගේ ඇසින්..... 
”සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා  වෙරළේ රළ මැන්නා...... සීමාවක් මායිමක් නැතැයි කී  සෙනෙහස ඇයි දෙතැනක තනි වී......”

සෙනෙහසකට අරුතක් සොයන්නට අහසේ තරු ගණින , වෙරළේ රළ මනින පෙම්වතූන් පෙම්වතියන් කොතෙක් වේද? ඇත්තටම ආදරය යනු පිවිතූරු හැඟීමකි. එමෙන්ම ආදරය යනු සාගරයක් වැනි ,සාගරයේ රළ වගේ, සීමාවක් නැති , ප‍්‍රමාණයක් නැති අකූරු හතරකි. තවත් විටෙක ආදරය යනු වේදනාවකි. ඒ වේදනාව අපේ සිතට දැනෙනුයේ අපි සාගරයක් වගේ ,සාගරයේ රැුළි වගේ ආදරය කළ නිසාවෙනි. ඒ වගේම ආදරයෙන් නැගෙන වේදනාවට ද සීමාවක් නොමැති තරම්ය.

සැබෑම අවංක පෙම්වතෙකූ හෝ පෙම්වතියක් ඔවුන්ගේ අවංක ආදරය රැුක ගැනීමට තමන්ගේ ආදරය හැර තම ජීවන වීවිතයේ  ඕනෑම දෙයක් කැප කරනු ලබයි. එනිසාවෙන්ම හදවතේ නැගෙන එ සුන්දර හැඟීම සදාකාලිකවම තමා සතූ කරගන්න උත්සාහ ගන්න ආදරවන්තයින් කියාගන්නට බැරි තේරුම් ගන්නට බැරි එකම එක සොදුරු සිතිවිල්ලක් වූ ආදරය ඉදිරියේ ආදරය ජීවන ජීවිතයේ කොටසක් කර ගනියි. එ් වගේම ජීවිතය තිබෙන තූරාවට සදාකාලිකව ම එකට සිටීමේ අදිටනින් පේ‍්‍රමයේ මිහිර විදින්නන් ඒ මිහිරියාව සදාකාලික කර ගැනීම වෙනුවට පන දෙන්නට පෙම්කළ තම පෙම්වතා හෝ පෙම්වතියට විරහවක් අත්කර දෙන්නේද සීමා නොවන පේ‍්‍රමයේ මුල්කාලීන සිතිවිලි වලට සීමාවන් එක්කරලමිනි.

ප‍්‍රණීත් අබේසුන්දරයන්ගේ පන්හිදෙන් ලියැවුණු , මහනි්ද බණ්ඩාරයන් සංගීතවත් කළ , අසංක පි‍්‍රයමන්ත පීරිස් විසින් ගායනා කරන සෙනෙහසකට අරුතක් පුරවන්නට ගීතය සීමා මායිම්නැතැයි සිතා සිටින සැබෑ ආදරවන්තයින්ට ආදරවන්තියන්ට සැබෑ තතූ පහදාදෙන්නකි.

හදවතේ උපන් ආදරයේ නාමයෙන් එකවහළක් යටට එක්වීමට පෙරුම් පිරූ යුවළකගේ අහඹු දුරස්වීමක දෝංකාරය මේ පදමාලාව තූළව මනාව අන්තර්ගත වී ඇත. උත්තරීතර ආදරයක මතකය කොච්චර ලස්සන උනත් අහිමි පේ‍්‍රමය දැනෙන වාරයක් වාරයක් පාසා නෙතට කදුළු මෙන්ම වෙනදා නොදැණුන අමුතූම ආකාරයක තනිකමක් , හිසබ්වක් හිතට දැනෙයි. මතකය සැරින් සැරේ සිත ගාව හොල්මන් කරනු ලබයි. ඒ නිසාම හදවත සිදුරු කරගෙන ලේ, ඇට, මස්, නහර හරහා ගොස් ආදරයේ වේදනාව දරාගන්න


 බැරිම තැන අන්තිමේ දී ජීවිතයෙන්ම පලා යන්නොද්  , මොන දේ කළත් ආදරය කරපු සිතකට වෛර කරන්නට , රිද්දන්නට හිතන්නවත් බැහැ කියන්නො ්ද ආදරයයි වෛරයයි අතර වූ නූලන පරතරයක් අහිමිව තීන්දු තීරණ ගන්නේ සිතුවිලි පාලනයේ දුර්වලතාවයන් නිසාවෙනි.

සුන්දර ආදරය තාවකාලකි නමුත් එයින් හටගන්නා වේදනාව සදාකාලික වේ. ආදරය බිදෙන වීදුරුවක් බදුය. ආදරය දැනෙන විට හැෙඟන විට දෙදෙනා දෙදෙනාවම විනිවිද දකියි. නමුත් ආදරය බිදුණුවිට බෙහොමත් දුර්වලය. එසේ බිදුණු ආදරයක් නැවතත් යථා තත්ත්වයට පත්කළ නොහැකිය.

    ”බිදුණොත් බදුනක පිළියම් කරනට       බැරි කැළලක් මතූ වී පෙනෙනා”

එවන් වූ පේ‍්‍රමයේ දිග්විජය ලැබීමට පෙම්වතා ගත්තාවූ අපරිමිත උත්සාහයත් , එහෙත් ඇය දිනා ගැනීමට  ඒ හැම අවස්ථාවකදීම ඔහටු නොහැකි වූ ආකාරයත් හඟීම්බරව ප‍්‍රකාශ කරලීමට පද රචකයා සමත්ව ඇත්තේ ලොව වැඩි කළක් පවතින්නා වූ ආදරය වන්නේ කිසි දා හමිි නොවූ ආදරය ද යන්න පසක් කරමිනි.

”පවකින් පෙර අත් භවයක සිදු වූ   සිතකින් සිතකට දුක පිරුණා  මගේ අත දිගූ කළ හැකි හැම තැන දී
ඔබ අත මා දුරකින් තිබුණා...”

පෙම්වතාට නිරන්තරයෙන් පෙම්වතිය හිමිකර ගැනීමේ හැකියාව තිබුණද  පෙම්වතියට ඔහුගේ ඈතින් සිටියි. එනම් කූලමල භේද , වත්පොහොසත් කම් , ආදිය නිසා පෙම්වතියට පෙම්වතා හිමි නොවන්නේ විය හැකිය.  එය අබේසුන්දරයන් දකිනුයේ ඉතාමත් අපූර්ව ලෙසිනි.” මගේ අත දිගූ කළ හැකි හැම තැන දී   ඔබ අත මා දුරකින් තිබුණා...” යනුවෙනි. මෙහි ඇති සරල සුගම ගේයමය පද සමූහය සහෘදයා අමන්දානන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙන යන්නේය.

අව්‍යාජ පේ‍්‍රමයකින් හද උතූරා යන මේ අහිංසක තරුණයාගේ මුවගට නංවන මේ වදන් ඔහුගේ නොව ප‍්‍රණීත් අබේසුන්දර නම් ඒ අපූරු ගීත රචකයාගේම ය. ශ‍්‍රාවක භාව මණ්ඩලයම කම්පනයට පත් කරවන තරම් ශෝකී රාවයකින් ද කරුණා කරුණා රසයෙන් ද අනූනව ගලා එන මෙවදන් නම් මෙවන් අනුවේදනීය අත්දැකීමක් ලත් පෙම්වතෙකූගේ මුවට නිරායාසයෙන් නැගෙන්නක් නොවේද?

ජීවිතය යනු ආදරයයි. ආදරය යනු ජීවිතයයි.මේ දෙක ඉරක් ගසා එකිනෙක වෙන් කළ නොහැකය. එනිසාම ජීවත්වන හැම දවසක්ම ආදරණිය දවසකි. හිතට ඇවිත් හිතේ තූරුළුව ඉන්නා සුන්දරතම ආදරයේ සුඛ දුක්ඛ අත්දැකීම් සමඟ සිනා සුසුම් පිරිවරාගෙන මේ ජීවිතයේ දවස් එකිනෙක ගෙවී යයි. හමුවන සිහින වෙන් නොවී ඉදීමේ පැතූම් හිතේ පොරකයි. නමුත් එය එක්වීමකින් අවසන් නොවේ. ඒ බැව් ප‍්‍රණීත් අබේසුන්දරයන් පහත ආකාරයට මනාව උකහා දක්වයි.
”සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනි වී”

මේ සියල්ල අද තරුණයෙකූගේ ජීවන මඟට වැටුණු පේ‍්‍රමයේ සෙනෙහෙ ඇති සුමුදු මල් පෙත් වී ඇත.






No comments:

Post a Comment