සොදුරු මගෙ කිදුරු
ඇයිද නුඹ රුදුරු
නැතත් මට මැදුරු
හිතක් ඇත රජමැදුරු
ඇයිද නුඹ රුදුරු
නැතත් මට මැදුරු
හිතක් ඇත රජමැදුරු
පාළු මකනා මදුරු
වේය මට වහ කදුරු
නුඹ තරම් නැත කුරිරු
මතක් කරමින් අදුරු
පෙම් කෙළපු කටු පදුරු
හිතක් ඇත වී දැදුරු
වැසිය හැකිදෝ සිදුරු
පැතුම් මල් විය පිදුරු
කදුළු විය ගිනි පුපුරු
එනමුදු....
පෙමක් ඇත මට මියුරු
නුඹ නමින් මගෙ මිතුරු
ගලප ගනිමින් අකුරු
ලියූ පද වැල් ළදරු
නැතත් මට ඉසුරු
හිතක් ඇත රජමැදුරු
දිලෙන දෙනුවන් විදුරු
වෙමින් නුඹටම ගොදුරු
හැරයන්නෙ නෑ වියරු
ආදරෙයි මං සොදුරු...............
Nice poem ❤️
ReplyDeletethanx dalo
ReplyDelete