Thursday, 14 March 2019

          ___මනමාලි___

මිදුල වට හැම තැනම
විසිර ගිය කොළ රොඩුද
ඉදල තව නිදි ඇතිව
කුසිය තුල ගද ගහන
හැලි වලං දැලි පිරුණ
ළිං පතුලෙ වතුර නැතිවද
ගෙට ආව මිණි පහන
සීදේවී මගෙ මැණික
කුස්සි අම්මා පව් කියා
හිතුනෙ නෑ නේ නුඹට

කුකුළ හැඩවී හිරු නැගෙන
එකොලහේ හෝරාව
අළුත ගෙන ආ මනමාලි
ඇද බදන් නිදි නේද???????

  

 සොදුරු මගෙ කිදුරු
ඇයිද නුඹ රුදුරු
නැතත් මට මැදුරු
හිතක් ඇත රජමැදුරු

රෑට නිදි පැදුරු
පාළු මකනා මදුරු
වේය මට වහ කදුරු
නුඹ තරම් නැත කුරිරු


මතක් කරමින් අදුරු
පෙම් කෙළපු කටු පදුරු
හිතක් ඇත වී දැදුරු
වැසිය හැකිදෝ සිදුරු


පැතුම් මල් විය පිදුරු
කදුළු විය ගිනි පුපුරු
එනමුදු....
පෙමක් ඇත මට මියුරු
නුඹ නමින් මගෙ මිතුරු

ගලප ගනිමින් අකුරු
ලියූ පද වැල් ළදරු
නැතත් මට ඉසුරු
හිතක් ඇත රජමැදුරු

දිලෙන දෙනුවන් විදුරු
වෙමින් නුඹටම ගොදුරු
හැරයන්නෙ නෑ වියරු
ආදරෙයි මං සොදුරු...............